ත්‍රි'මලේ සිට අයිස්ලන්තයට යමින් සිටි ප්‍රංශ නැවක් මහ මුහුද මැදදී අනතුරට පත්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව බේරගෙන

  👤  3205 readers have read this article !
By mawbima 2018-04-17

කටුනායක -ගයා තිරිමාදුර,
ගාල්ල - එච්. පරණවිතාන

ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් නෞකාවක් මහ මුහුද මැද විපතට පත්ව තිබියදී එම නාවිකයන් සහ නෞකාව ආරක්ෂිතව බේරාගෙන යළි ගාල්ල වරාය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවැසීය.

සැන්ඩිටී (ඉචදඤඥබඪඥ) නමැති මේ රුවල් නෞකාව ගාල්ල ප්‍රදීපාගාරයට නාවුක සැතපුම් 72ක් දුරින් යාත්‍රා කරද්දී එහි ඇන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් නිසා මෙසේ විපතට පත්වී තිබිණි.

එහි ප්‍රංශ ජාතික නාවිකයන් සිවු දෙනකු සිට ඇති අතර, මේ පුවත සැලවීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සයුරළ නෞකාව එම ස්ථානයට ගොස් එම නාවිකයන් සහ රුවල් නැව ආරක්ෂිතව බේරාගෙන ගාල්ල වරාය සමීපයේ පිහිටි මේ නෞකාවට සේවා සපයන පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

මේ රුවල් නෞකා, ගැඹුරු මුහුදේ රුවල් මඟින් යාත්‍රා කළද, යම් රටක වරාය හෝ ආරක්ෂිත මුහුදු කලාපයේ දී එම නෞකාවට සහ එම වරායවලට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇන්ජින් මඟින් ක්‍රියා කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon