ලොව දිගම අර්තාපල් කේක් එක නුවරඑළියේදී අගමැතිට පිළිගන්වයි

  👤  3113 readers have read this article !
By mawbima 2018-04-17

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

අර්තාපල් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ලද ලොව දිගම කේක් ගෙඩිය පෙරේදා (15දා) දින නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් චතුරස්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

කිලෝ 380ක බරකින් යුතු එය මීටර් 111ක දිගින් යුක්ත කේක් ගෙඩියකි. ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන සූපවේදී මහතා ඇතුළු පිරිස විසින් සකස් කොට ඇත. මේ සඳහා රුපියල් තුන්ලක්‍ෂ දස දහසක මුදලක් වැය වූ බව හෝටල් කළමනාකාරිත්වය පවසයි.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සමඟ නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නුවරඑළිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක සහ ග්‍රෑන්ඩ් හොටෙල් කළමනාකාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon