හවුල් ආණ්ඩුවේ විරසකය අවසන් වෙන්නේ රට අරාජිකත්වයට ගිය පසුවයි

  👤  3253 readers have read this article !
By mawbima 2018-04-17

ජාතික ආණ්ඩුවෙහි ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක අතර පවතින විරසකය අවසන් වීමට නියමිතව ඇත්තේ රට ආපස්සට රැගෙන යන අරාජිකත්වයෙන් බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය පවසයි.

ජාතික ආණ්ඩුව එක් අර්බුදයක් නිසා තවත් අර්බුද රැසක් නිර්මාණය කරගෙන ඇති බවත් ජාතික ආණ්ඩුවෙහි අවසානය යහපාලනය උදෙසා කැප වූ පුරවැසි බලාපොරොත්තුව නොවූවත් රට පත්ව ඇති අරාජිකත්වයට ජාතික ආණ්ඩුව හෝ ජාතික ආණ්ඩුවෙහි හවුල්කාර සිවිල් සංවිධාන නිශ්චිත විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා ජාතික ආණ්ඩුවෙහි අනාගතයද නිශ්චිත නොවන බවත් ඔහු සඳහන් කරයි.

ජාතික ආණ්ඩුව බලයට පත්වන විට පොරොන්දු වූ තිරසර ජාතික සමඟිය උදෙසා වූ බලය බෙදීම වැනි සංකල්ප, ඒකාබද්ධ විපක්ෂය විසින් නිරන්තරව කකුලෙන් ඇදීම නිසා ආපස්සට ගෙන ඇති අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් ඇති වූ කතිකාව අඩපණ කොට තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම වත්මන් ජාතික ආණ්ඩුව ජාතික උත්සව සංවිධානය කරනවා හැර මෙරට ජාතික ගැටලු විසඳීමට කිසිදු විසඳුමක් යෝජනා කර නොමැති බවද හෙතෙම සඳහන් කරයි.

සිවිල් සමාජය විසින් යෝජනා කරන සමාජ, දේශපාලන, ප්‍රතිසංස්කරණ සහ විප්ලවීය වාමවාදීන් යෝජනා කරන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකර ආණ්ඩු මාරු කිරීමෙන් පවත්නා අරාජිකත්වය ජය ගැනීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon