21 වැනි ව්‍යවස්ථා සංශෝධනය විදියට දෙමළ භාෂාව පාලන භාෂාවක් කිරීමේ යෝජනාවක් ගේනවා

  👤  3317 readers have read this article !
By mawbima 2018-04-17

දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය සූක්ෂ්මව කටයුතු කරන බවට ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පැවැසීය.

යාපනයේ පසුගියදා (15දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

බලගතු දෙමළ දේශපාලන නායකයන් වගේම පක්ෂවලට ස්වාධීනව ඉදිරියට පැමිණීම ගැන එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත්ව ඉන්නේ. එහෙම දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණියොත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ යුතුයි කියන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක එයාලගේ උපායක් කියලා ඒ වගේම මම කියනවා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස දෙමළ භාෂාව පාලන භාෂාවක් බවට පත් කර ගන්න මන්ත්‍රි යෝජනාවක් ගේන්නයි ඉන්නේ. එසේම දෙමළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර්. සම්පන්දන් වගේම විග්නේශ්වරන් එක්ව සාකච්ඡා කළ යුතුයි.

විපක්ෂ නායකවරයා මෙන්ම උතුරු පළාත් මහ ඇමැතිවරයාටත් මේ පිළිබඳ සාමූහිකව සාකච්ඡා කිරීමේ වගකීම තිබෙනවා මෙන්ම ඒ සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා.
මේ වන විට සම්පන්දන් මහතාට එරෙහිව එක් කණ්ඩායමක් ගොඩනැඟෙමින් තිබෙනවා. විශේෂයෙන් පොදුජන පෙරමුණේ අරමුණ වී තිබෙන්නේ විපක්ෂ නායක ධුරය ඔවුන් සතු කර ගැනීමයි.

කාලයක් තිස්සේ දෙමළ ඊළමක් වෙනුවෙන් මේ ජනතාව අරගල කළා. එවක ඊළමක්, තනි රටක් යන්න පිළිබඳ දැඩි මතයක් පැවැතුණා.

කෙසේ වෙතත් සියල්ල වෙනස් කරමින් උතුරු පළාත් සභාවේ බලය පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානය සමත් වුණා. නමුත් සංවර්ධනය සහ දේශපාලනය කියන්නේ මිනිසාගේ ඇස් දෙක වගේ දෙකම එක හා සමානව පෙනීම ලබා දෙනවා නම් යහපත් වෙනවා සේම සංවර්ධනයත් දේශපාලනයත් සමාන්තරව ගමන් කළ යුතුයි. නැතිනම් අභියෝගවලට මුහුණදීම දුෂ්කර වෙනවා. කෙසේ වෙතත් අපට පෙනී යන්නේ උතුරේ අපේක්ෂා කළ සංවර්ධනයක් මෙතෙක් සිදුව නැති බවයි.

ලක්ෂ්මි ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon