තරුණයන් 11 දෙනකු ඝාතන සිද්ධියේ 8 හා 9 සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

  👤  3276 readers have read this article !
By mawbima 2018-04-17

අමිල අබේරත්න

2008 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් අතර කාලසීමාව තුළදී දෙමළ, මුස්ලිම් හා සිංහල තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන සිද්ධියේ 8 වැනි සහ 9 වැනි සැකකරුවන් වන කස්තුරිගේ ගාමිණී සහ තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා මේ මස 25 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

කස්තුරිගේ ගාමිණී නමැත්තා නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ නිලධාරියකු වන අතර තුෂාර මෙන්ඩිස් නමැත්තා නාවික හමුදා බුද්ධි අංශ මෙහෙයුම්වලට සම්බන්ධව කටයුතු කළ නාවික යාත්‍රා බළගණයේ නැවියකු වශයෙන් කටයුතු කළ අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අනෙකුත් සැකකරුවන් වන්නේ කොමදෝරු, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ලුතිනන් කමාන්ඩර්වරුන් වන නිලන්ත සම්පත් මුණසිංහ, පේලිගේ සුමිත් රණසිංහ, බළනැවි ලක්‍ෂ්මන් උදය කුමාර, නාවික හමුදා සෙබළුන් වන නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, කංකානම් පතිරන්නැහැලාගේ කිත්සිරි යන අයයි. ඔවුහු සියලු දෙනා රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට මේ වන විට අධිකරණය මඟින් ඇප ලබා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon