වැසිකිළි වළක් හාරද්දී මෝටාර් උණ්ඩ 15ක් හමුවේ

  👤  3246 readers have read this article !
By mawbima 2018-04-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරමේ පේසාලේ කල්ලියපාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළේ යකඩ පෙට්ටියක දමා වළලා තිබී මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15ක් හා තවත් යුද උපකරණ රැසක් පොලිසිය විසින් පෙරේදා (15දා) සොයාගෙන තිබේ.

වෙරළ තීරයේ ධීවර වාඩියක වැසිකිළියක් සකස් කිරීමට වළක් හැරීමේදී අදාළ යකඩ පෙට්ටිය හමුවී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කොට තිබේ.

පොලිසිය අදාළ ස්ථානය පරීක්‍ෂා කිරීමේදී යකඩ පෙට්ටිය තුළ තිබී මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15ක් හා තවත් පුපුරන ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් පරීක්‍ෂා කොට ඇති අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය පලායන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය සඟවා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සොයාගත් බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය

බළකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රිය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පේසාලෙයි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon