කිලිනොච්චියේ කෝටිපති ව්‍යාපාරිකයෙක් අතුරුදන්

  👤  3348 readers have read this article !
By mawbima 2018-04-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චියේ ආනෙයිවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි කොළඹ ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයකු අතුරුදන් වී ඇති බවට එම ව්‍යාපාරිකයාගේ බිරිය පසුගිය 14දා කිලිනොච්චිය, අක්කරායන් පොලිස් ස්ථානයට පැමිණිලි කොට තිබේ.

වේලායුදන් විග්නේශ්වරන් නමැති තම සැමියා අප්‍රේල් මස නව වැනි දින කොළඹ සිට දුරකතනයෙන් තමන්ට කතා කළ බවත් අලුත් අවුරුද්දට නිවෙසට එන බව පැවැසුවද 10 වැනිදා සිට ඔහුගෙන් කිසිම තොරතුරක් නොමැති බවත් අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ බිරිය වන වී. විජයකුමාරි පොලිසියට පැමිණිලි කොට තිබේ.
මේ වන විට ඔහුගේ දුරකතනය අක්‍රියව පවතින බවත් ඔහු කොළඹ පදිංචිව සිටි නිවෙසේ උදවියට කිලිනොච්චියට යන බව පවසා 10 වැනිදා පිටත්ව ඇතත් ඔහු නිවෙසට නොපැමිණි බවත් ව්‍යාපාරිකයාගේ බිරිය පොලිසියට පවසා තිබේ.

කිලිනොච්චිය, අක්කරායන් පොලිසියට ලද මෙම පැමිණිල්ල පිළිබඳව මේ වන විට පොලිස් මූලස්ථානය දැනුවත් කොට ඇති අතර අක්කරායන් හා කිලිනොච්චි යන පොලිස් ස්ථාන මෙම ව්‍යාපාරිකයා සෙවීමේ පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon