අවුරුදු දා සූර් වූ සැමියාව නෑවූ බිරිය ගුටි කා රෝහලේ

  👤  3297 readers have read this article !
By mawbima 2018-04-17

කොබෙයිගනේ - ධර්මසේන රණසිංහ

අවුරුදු දිනයේ සූර් වී වමනෙ දාගෙන වැටී සිටියදී නාවා පිරිසුදු කිරීම නිසා කෝපයට පත්වූ සැමියාගේ පහරදීමෙන් බිරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුවතක් වාර්තා වේ.
මෙසේ පහරදීමට ලක්ව ඇත්තේ රස්නායකපුර පොලිස් වසමේ ගල්කන්ද ප්‍රදේශයේ කාන්තාවකි.

14 දින අලුත් අවුරුද්ද සමරා යහළුවන්ද සමඟ මත්වතුර පානය කළ සැමියා වමනය දාගෙන පාරේ වැටී සිටියදී බිරිය ඔහුව නිවෙසට ගෙනගොස් නාවා තිබේ.
එසේ කිරීම ගැන කිපුණු සැමියා බිරියට පහර දීමෙන් තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර නිකවැරටිය රෝහල් පොලිසිය මඟින් තොරතුරු සොයා බලා අදාළ පොලිසිය වෙත පරීක්ෂණ සිදුකිරීමට 15 දින දැනුම් දී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon