හමුදා කපිතාන්වරයාගේ රියැදුරු හදිසියේ ජීවිතක්‍ෂයට

  👤  3429 readers have read this article !
By mawbima 2018-04-17

තංගල්ල - සහම්පති මානගේ

හමුදා කපිතාන්වරයකුගේ රියැදුරකු ලෙස සේවය කරන හමුදා සෙබළකු හදිසියේ ඉකුත් 14දා මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.

දෙවැනි යුද හමුදා සේවා බළකායේ කටුනායක ක¼දවුරේ සේවය කරන කපිතාන් මූර්ති කොඩිතුවක්කු මහතාගේ රියැදුරු ලෙස සේවය කළ අතාවුද මුදියන්සේලාගේ තාක්‍ෂණ කුමාර අතාවුද (25) මහතා මෙසේ හදිසියේ ජීවිතක්‍ෂයට පත්ව ඇත. මොහු ගලේවෙල දමුණුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 11 දින අවුරුදු නිවාඩුව සඳහා බෙලිඅත්ත - හක්මන මාර්ගයේ පිහිටි කපිතාන්වරයාගේ නිවෙසට මෙම සෙබළා කපිතාන්වරයා සමඟ පැමිණ තිබේ. 14දා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු 15දා උදෑසන 8.30 පමණ වන තුරු රියැදුරු අවදි නොවීම නිසා කපිතාන්වරයා ඔහු සිටි කාමරය වෙත ගොස් කතා කළද ප්‍රතිචාර නොදැක්වීම නිසා ඔහුගේ ඇඟට අත තබා බැලීමේදී ශරීරයෙන් දැනුණු සීතල ගතිය නිසා සැක සිතී බෙලිඅත්ත පොලිසිය වෙත දැනුම් දී තිබේ. හමුදා සෙබළා රාත්‍රි කාලයේ නින්දේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය සැක කරයි.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් හා තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා පැමිණ මියගිය සෙබළාගේ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය කර තිබේ. ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයා කාලයක සිට හෘද රෝගයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිට ඇතැයි හෙළි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon