රාජ්‍යසේවා මේසපන්දු තරගාවලිය 25-26 දෙදින ගල්කිස්සේදී

  👤  3088 readers have read this article !
By mawbima 2018-04-17

ගමිත දෙහිපිටිය

රාජ්‍යසේවා ක්‍රීඩා සංගමය මඟිින් සංවිධානය කරනු ලබන 2018 රාජ්‍යසේවා මේසපන්දු තරගාවලිය අප්‍රේල් 25 සහ 26 යන දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශවල සේවයේ නියුතු පුද්ගලයන්ට සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට අයැදුම් කළ හැකි අතර එම අයදුම්පත් අප්‍රේල් මස 18 වැනි දිනට පෙර මේසපන්දු ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍යසේවා ක්‍රීඩා සංගමය, 2/12,2/16, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතුය.

මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර රාජ්‍යසේවා ක්‍රීඩා සංගමයේ මේසපන්දු ලේකම් රෝහිණී අබේසුන්දර මහත්මිය (අංක 0714423162, 0112513012) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon