අලුත්ගම ක්‍රීඩා සමාජයෙන් ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලියක්

  👤  3111 readers have read this article !
By mawbima 2018-04-17

අලුත්ගම ක්‍රීඩා සමාජය 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලිය මැයි මස 5 වැනිදා අලුත්ගම මහජන ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
අතුල ටී. සෙන්ටර් අධිපති අතුල සිරිමාන්න මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරතාව සඳහා මුදලින් රුපියල් ලක්‍ෂ 10ක්ද, අනු ශූරතාව සඳහා මුදලින් ලක්‍ෂ 5ක්ද පිරිනැමේ.

ලෙදර් ක්‍රීඩා කරනු ලබන ඕනෑම කණ්ඩායමකට සහභාගි විය හැකි මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් මැයි 01ට පෙර එවිය යුතු බව සංවිධායකයන් පවසයි. වැඩි විස්තර 0776546531 - සුරංග කාහිංගල අමතා දැනගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon