චෙන්නායි සුපර් කිංස්ට සර්පයෝ හරස් වෙති

  👤  3281 readers have read this article !
By mawbima 2018-04-17

2018 අයි.පී.එල්. තරගාවලියට චෙන්නායි නුවරදී එල්ල වන විරෝධතා හේතුවෙන් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහභගිී වීමට නියමිත මීළඟ තරග සියල්ල පූනේහි චිදම්භරම් ක්‍රීඩාංගණය වෙත ගෙනයෑමට අයි.පී.එල් සංවිධායකයන්ට සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පසුගියදා පැවැති තරගයේදී ක්‍රීඩාංගණය තුළට සපත්තු ප්‍රහාරයක් එල්ල වූ අතර චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහභාගි වන ඉදිරි තරගවලදී ක්‍රීඩාංගණ තුළට සර්පයන් නිදහස් කරන බවට පවතින තර්ජන හේතුවෙන් මෙම තීරණය ගත් බව අයි.පී.එල්. සංවිධායකයන් පවසයි. ඒ අනුව චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම චෙන්නායිහිදී සහභාගි වීමට නියමිතව තිබූ ඉදිරි තරග 6ම පූනේහිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කාවේරි නදියේ ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අතර පවතින අර්බුදය මෙලෙස තමිල්නාඩු ප්‍රාන්තය තුළ පැවැත්වෙන අයි.පී.එල්. තරග සඳහා විරෝධතා එල්ල වීමට හේතු වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon