තෝරා ගැනීමේ තරග හෙට ටොරිංටන්හිදී

  👤  3108 readers have read this article !
By mawbima 2018-04-17

ගමිත දෙහිපිටිය

පළමුවැනි වරට පැවැත්වීමට නියමිත ආසියානු කාන්තා කබඩි ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම තෝරා ගැනීමේ තරග හෙට (18දා) පෙරවරු 7.30 සිට ටොරිංටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන මෙම තෝරාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හට සහභාගී විය හැකිය. තවද මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් හෙට (18දා) පෙරවරු 7.00ට පෙර ටොරිංටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පවසයි. විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස්. මීගස්තැන්න මහතා (අංක - 0718246878, 0712154729) අමතා ලබා ගත හැකිවේ.

මේ අතර පළමුවැනි ආසියානු කාන්තා කබඩි ශූරතා තරගාවලිය එළැඹෙන මැයි මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවරදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon