ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරුවන්ගේ පාඨමාලාව ලබන මස 7 සිට 11 දක්වා ලංකාවේදී

  👤  2236 readers have read this article !
By mawbima 2018-04-13

ගමිත දෙහිපිටිය

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මඟින් මෙහෙයවනු ලබන වොලිබෝල් පුහුණුකරු අදියර ධ්ධ් පාඨමාලාව මැයි මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව මෙම වොලිබෝල් පුහුණුකරු අදියර ධ්ධ් පාඨමාලාව සඳහා වොලිබෝල් පුහුණුකරු අදියර ධ් පාඨමාලාව හදාරා වසර දෙකක් ඉක්මවූ වොලිබෝල් පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියන් හට සහභාගී වීමේ අවස්ථාව උදාවන අතර වොලිබෝල් පුහුණුකරුවකු ලෙස දක්වා ඇති දක්ෂතා ද, පෞද්ගලික විස්තර ද, දැනට ක්‍රියාත්මක විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ දුරකතන අංකයක් ද ඇතුළත් අයැදුම්පතක් වොලිබෝල් පුහුණුකරු අදියර ධ් පාඨමාලාවේ සහතිකපත්‍රයේ පිටපතක් ද සමඟ ලියාපදිංචි තැපෑලෙන් අප්‍රේල් මස 25 වැනි දිනට පෙර ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට එවිය යුතුය.

මේ අතර ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරු අධියර ධ් පාඨමාලාව සඳහා සහභාගී වන පුහුණුකරුවන්ට සහ පුහුණුකාරිනියන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ සඳහා රුපියල් 45,000ක මුදලක් පාඨමාලා ගාස්තුව වශයෙන් අයකෙරේ. මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් (අංක 0112669344) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon