අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් ඉදිරියෙන්

  👤  2421 readers have read this article !
By mawbima 2018-04-13

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර තරගය අද (13දා) බැංග්ලෝරයේ චින්නස්වාමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර 2018 අයි.පී.එල්. තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග 2ම ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර තරග 1 බැගින් ජයගෙන පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථානවල සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම රැඳී සිටී. තවද තරග 2කට සහභාගී වී එක් තරගයක් පමණක් ජගෙන ඇති කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටී.

කෙසේ වෙතත් එක් තරගයකට පමණක් සහභාගී වී එම තරගය පරාජයට පත් වී ඇති පසුගිය වසරේ අයි.පී.එල්. ශූරතාව දිනාගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon