ශ්‍රී ලනිපය පාවා දුන් අටදෙනා හෙළිවෙයි

  👤  3819 readers have read this article !
By mawbima 2018-04-15

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය කොට ඒ මහතාට ජය ගන්නට අවස්ථාව දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අටදෙනකු එජාපය සමඟ කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා බව යෝජනාවට පක්ෂව ඡන්දය දී පසුගියදා තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලනිප කණ්ඩායමේ ජේ‍යෂ්ඨයෙක් "මව්බිම"ට පැවැසීය.

එම ජේ‍යෂ්ඨයා පැවැසුවේ යූ.ඇන්.පී.ය සමඟ කුමන්ත්‍රණයේ යෙදුණු මේ අට දෙනාගෙන් ප්‍රබලයකුට ඉලක්කම් නවයක විශාල මුදලක් ලැබී තිබෙන බවයි.
මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුට ලබන මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයකු ලෙස නම් කිරීමටත්, සබරගමුව පළාත් ඇමැතිවරයකු ලෙස දැනට කටයුතු කරන අයකුට ලබන මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් එම ජේ‍යෂ්ඨයා සඳහන්
කෙළේය.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා වන දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හා ඒකාබද්ධ විපක්ෂය සමඟ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පත්කර සිටියේ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා බවත් පසුව එම කටයුත්ත එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් අතට ගත්, එජාපයේ මන්ත්‍රිවරුන් 15 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළකර තිබූ අතර, ඡන්දය පැවැති දින ඔවුන්ගෙන් පිරිසක් කොළඹ ස්ථානයක රඳවාගෙන තිබූ බවත් එසේම තවත් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක රඳවාගෙන සිටි බවත් කොළඹ නගර සීමාවේ පදිංචි ඇමැතිවරයකුගේ නිවෙසකත් කීප දෙනකු රඳවාගෙන සිටි බවත් පැවැසූ එම ජේ‍යෂ්ඨයා වැඩිදුරටත් අනාවරණය කෙළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 6 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්ද දෙන පිරිස අතර සිටි බවත්ය. ඔවුන්ද ඡන්දය විමසන දින කොළඹ ස්ථානයක රඳවා සිටි බවද ඔහු කීය.

මේ අන්දමට කටයුතු සංවිධානය කර තිබියදී ශ්‍රී ලනිපයේ කොටසක් ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ගත් තීරණය හේතුවෙන් යෝජනාවට පක්ෂව, ඡන්දෙ දීමට සුදානමින් සිටි පිරිස අවසානයේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් බවද එම ජේ‍යෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon