ඒකාබද්ධ විපක්ෂය 19දා විපක්ෂ නායක ධුරය ඉල්ලයි

  👤  3528 readers have read this article !
By mawbima 2018-04-15

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් එළැඹෙන 19දා පාර්ලිමේන්තුවට යෝජනාවක්... ඉදිරිපත් කරමින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඉරිදා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

සැබෑ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 54 සිට 70 දක්වා වැඩිවී ඇති බවත් මේ අනුව විපක්ෂයේ නියම භූමිකාව කිරීම සඳහා විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

විපක්ෂයට පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 16 දෙනා සමඟ මේ සඳහා සාකච්ඡා කරන බවද ඒ මහතා පැවැසීය.

මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ සැබෑ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon