නොරොච්චෝලේ යන්ත්‍රයක් නඩත්තුවට නවතා දමයි

  👤  3268 readers have read this article !
By mawbima 2018-04-15

හර්ෂනී අර්සකුලරත්න

නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ දිනවල කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන අවුරුදු නිවාඩුවත් සමඟ වසා දැමීම හේතුවෙන් විදුලි ඉල්ලුම පහළ වැටී ඇති බවත් එම වාතාවරණය නඩත්තු කටයුතු සඳහා සුදුසු අවස්ථාවක් ලෙස යොදා ගනිමින් එම ජනන යන්ත්‍රය අක්‍රිය කර ඇති බව ප්‍රකාශකයා පැවැසුවේය.

පැවැති වියළි කාලගුණය හේතුවෙන් නොනවත්වා ක්‍රියාත්මක වූ නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් සැපයේ.
ක්‍රියා විරහිත කළ ජනන යන්ත්‍රය ගැටලු සහිතව වුවද දිගින් දිගටම ක්‍රියාත්මක වූ බවත් විදුලි ඉල්ලුම පහළ වැටෙනවාත් සමඟ එය නඩත්තුව සඳහා ක්‍රියාවිරහිත කොට තැබූ බවද එම ප්‍රකාශකයා පැවැසුවේය.

ක්‍රියා විරහිත කළ එම ජනන යන්ත්‍රය මඟින් මෙගාවොට් 300ක විදුලි නිෂ්පාදනයක් සිදු වූ අතර පසුගිය 10 වැනිදා සිට 20දා දක්වා එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර තබන බවද එම ප්‍රකාශකයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon