පූර්ණ ඇමැති මණ්ඩල සංශෝධනය අප්‍රේල් 23 වැනිදා ජනපති අතින්

  👤  3559 readers have read this article !
By mawbima 2018-04-15

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජාතික ආණ්ඩුවේ පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අප්‍රේල් 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කිරීමට නියමිත බව වාර්තාවේ.

විද්‍යාත්මක පදනමක් යටතේ අමාත්‍යාංශවල විෂයයන් වෙන් කිරීමේ කටයුතු අවසන් වී නොමැති නිසා මෙසේ පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල් යයි.

මෙම පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පසුගිය කාලය තුළ අමාත්‍ය ධුර අහිමිවූ එක්සත් ජාතික පක්‍ෂයේ දෙදෙනකු අමාත්‍ය ධුර දීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ද සංශෝධන සිදුවීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයකු අප සමඟ පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුරප්පාඩු වී තිබෙන කැබිනට් අමාත්‍ය ධුර හය, රාජ්‍ය අමාත්‍ය ධුර හතර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර පහ සඳහා පත් කිරීම් සිදුකිරීම මෙම පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුකිරීමට නියමිතය. එම පත්කිරීම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සිදුකිරීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon