මෙවර පොදුරද මඬුලු ව්‍යාපාරික සමුළුවට අපෙන් දැවැන්ත නියෝජනයක්

  👤  3536 readers have read this article !
By mawbima 2018-04-15

උපතිස්ස පෙරේරා

මේ වසරේදී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පෙර නොවූ ආකාරයේ විශාලතම ශ්‍රී ලාංකික ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගි කරවීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එහිදී ඔවුන් ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ධ්ඛ්ඊ) ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකික වෙළෙඳ සන්නාම නාමය සහ උදේ‍යා්ග පාඨයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් බවට මෙම ව්‍යාපාරික සමුළුව පත්කර ගැනීමට අපේක්‍ෂා කරන බව සඳහන් කරන අමාත්‍යවරයා, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් සමඟ ශ්‍රී ලංකාවේ වාර්ෂික ගෝලීය භාණ්ඩ සියයට 27ක්ද සේවා අංශය සියයට 40 සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකිවන බවත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon