නෑයො වෙන්න ඉන්න චීන්නු බලන්න යනවා

  👤  3434 readers have read this article !
By mawbima 2018-04-15

පොං සහ පිං අලුත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් ගන්ඩ කියලා කොල්ලුපිටිය හන්දියට ගියා.
"අෑ බං පොං අයියේ මොකෝ අර ඒකාබඩ්ඩේ ගොං මං පිලතුමයි, තුංමුල්ලේ මලයයි මේ පැත්තට ඇදෙන්නේ...?
"කෝ... අප්පටසිරි, අහලා බලමු. මේ... අයියේ කොහෙද මේ තකහනියේ...
"අපි මේ ඇඳුම් ටිකක් ගන්ඩ කියලා...!"
"ෂා...මරුනේ... නෑයන්ට දෙන්ඩද..?"
"පිස්සුද බං... අපේ ඒකාබඩ්ඩේ 52ට දෙන්ඩ....!"
"ඇන්නෑවයි... ඒ මොකෝ...?"
"විශ්වාසබංගේ නිසා අපේ රෙදි ගැලවුණානේ...!"
"ඉතින් ඔය අමුඩ විතරක් අරගෙන..?"
"මේක ඉතින් කවුරුත් ගලවන්නේ නැහැනේ... ඒ නිසා සැක නැතුව ගමට යන්ඩ පුළුවන්...!" එහෙම කියපු ඩබල රෙදි කඩේකට රිංගුවා.
ඊළඟට ඕං බැරි බැරි මරගාතේ ලාජිතුමයි, මුජිබරයි මුහුණටම මුලිච්චි වුණා...!"
"සෑර්ලත් නෑගම් යනවා වගේ..?"
"ඔව්... ඔව්... අපි මේ කඩේ ගිහින් නෑගම් නෙවේ නාගන්ඩ යනවා...
"ඔය මලුවල අවුරුදු තෑගි වෙන්ඩ ඇති...?"
"මැන්ටල් ද කොල්ලෝ... මේ තෑගි නෙවේ... මඩ, ගොම, පඩික්කම්, විශ්වාසභංග ජාතකය ගෙනියන්නේ..!"
"ඉතින් කාට බෙදන්නද ඕවා...?"
"බෙදන්ඩ නෙවේ බොලව්... නෙළන්ඩ, නෙළන්ඩ...!"
"කාටද අප්පේ නෙළන්නේ..?"
"අලියගෙ ඇහැ පොට්ට කරන්ඩයි පක්ෂව දුන්න පොරවල්වලට...!"
"අර මොකෝ...?"
"උන් හැදුවේ අලියට ඇහැ තියනවා කියලා පොට්ටම කරලා දාන්ඩ..! එහෙම කියපු ලාජිතුමා කණා මුට්ටිය කියලා කෙළලා ඇරියා ඇස් බිස්ගේ ඔළුවටම.
"අර කවුද බං... වෙලේ හිටවපු ඉන්න වගේ එන්නේ..?"
"මේ අපේ කලර් ලී තුමානේ... ඔබතුමත් නෑගම් යනවා වගේ...?"
"ඔව්.. ඔව්.. නෑයෝ වෙන්ඩ ඉන්න චීන්නු බලන්ඩ යනවා...!"
"ආ...? ඔය චීනේ යන්ඩ එයාර්පෝට් යන ගමන්ද..?
"නෙහි බබුජි... නෙහි... හම්බන්තොටට ගිහින් කොලොම්බු නෝටි සිටි එනවා...!"
"හත්වලාමයි... චීන්නු බලන්ඩ..."
"ඇයි බං... චීනෙට වඩා චීන්නු ඉන්නේ මෙහෙනේ..!"
"ඔය ඉතින් බරටම මලුවල මොනවැයි අප්පේ...?"
"මේවැයි තියෙන්නේ දෝස් ඩේස්වල පාරමිතා පෙරහරේ යන ගමන් ලැබිච්ච පාත්තර..!"
"චී... චී... අලුත් අවුරුද්දේ හිස් අතින්ම...?"
"අපි ඉතින් හිස්ම තමයි.. දැන් පාත්තර පිරෙන්නෙත් නැහැ... ඕං ඔය ළඟ එන ඡන්දවලට ඡන්ද ටිකත් ණයට වත් ඉල්ලන්නඩයි මේ යන්නේ..!"
එහෙම කියපු ලී තුමා නවගුණ වැල කියමින් අරලිය ටි්‍රය පැත්තට ගියා.
"අෑ... බං... කවුද අර මාර ආතල් එකේ හිනාවෙන්නේ... හොඳම හිනාව තරගෙට යන පොරක්වත්ද...?"
"යකෝ... නහුතෙට හිනාවෙනවා... මේ කලන්තේ හැදිලාවත්ද... අ...ප්...පා.. මේ අපේ කාල් ලාන්ත සහෝ නොවැ... මොකෝ මේ මාර සතුටෙන්..."
"සතුටු නැද්ද බං... අපිටත් ගහේ නැඟලා කොඩිය ගන්ඩ ට්‍රයි කොරන්ඩ චාන්ස් එක හම්බවුණේ..!"
"ෂා..... ගී්‍රස් ගහේද...?"
"බයිලා... විශ්වාසබංග ගහේ..!"
"ඔච්චරකල් බැරිවුණේ...?"
"කොහෙද 71 ඉ¼දන් රූටනවා විතරයි. ගනු බැහැ...!"
"ඒ... මොකෝ...?"
"ඔච්චරකල් බෙහෙත් ගත්තේ ආං ගොඩින්...!"
"එතකොට... දැන් ....?"
"දැන් ගන්නේ වෙටනරි ඩොකාලගෙන්..!"
"අෑ... අෑ...? ඒ මක්කැයි...."
"දෙගොල්ලටම පිෂ්ෂු නිසා...!"
එහෙම කියපු මෑන්ස් බක.... බක... ගාලා හිනාවුණා... හොඳම හිනාවෙන් එක වෙන්ඩ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon