ඇල්ජීරියාවට අගුණ ගුවන් අනතුරු කලාපය බක්මහ උදාවේදී ලොවම කම්පා කරවයි

  👤  3551 readers have read this article !
By mawbima 2018-04-15

අනතුරු රැසක් එක පෙළට සිදු වෙමින් තිබේ. අයහපත් කාලගුණයත්, හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මෙන්ම අනතුරුද බොහෝය. ආසන්නතම සිදුවීම නම් ඇල්ජීරියානු හමුදාවට අයත් ගුවන් යානයක් එරට අග නගරයට පරිබාහිර බොපරක් නම් ගුවන් බල ප්‍රදේශයට අයත් ස්ථානයකදී අනතුරට පත්වීමය. මේ සටහන තබන මොහොත වන විට එහි ගමන්ගත් 257 දෙනකු මියගොස් ඇති බවට ඇල්ජීරියානු රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

ඛ්ව්ව් පුවත් සේවයේ වාර්තාකරුවකු පැවැසුවේ ධ්තරදඵඩඪද ධ්ධ් - 76 නම් මෙම ගුවන් යානයෙන් බොහෝ දුරට ගෙන යන්නේ හමුදා සාමාජිකයන් බවය. යානය ගුවන් ගතවී මොහොතකට පසු ඇද වැටී විනාශයට පත්වූ බවත් එහි ගමන්ගත් සියලු දෙනාම මියයන්නට ඇති බව තහවුරු කළ හැකි බවය.

ඡ්දඩචඩචප රූපවාහිනිය ඇල්ජීරියානු පාලක පක්ෂයේ උසස් නිලධාරියකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පැවැසුවේ 26 දෙනකුගෙන් යුත් හමුදා නොවන මගී පිරිසක්ද මෙහි සිටි බවය. ඔවුන් මොරොක්කෝවෙන් පාලනය වන බටහිර සහාරාවේ පොලියාරියෝ නම් බෙදුම්වාදී පෙරමුණක පිරිසක් බවටද තොරතුරු පළවන බව අල් ජසීරා රූපවාහිනියද වාර්තා කළේය.

ඒතඨඥපඪඥ 24නම් එරට වෙබ් අඩවියක් දැක්වූයේ මෙම ගුවන් යානය විපතට පත්වූයේ බටහිර ඇල්ජීරියානු නගරයක් වූ බීචාර් අහසේදී බවය.

පිපිරීම් හඬත් විපතට පත්වූ යානයේ කිසියම් පිරිසක් දිවි ගලවාගත්තේ නම් ඔවුන් බේරා ගැනීමට කළු දුමාරයන් මැද බොහෝ වෙහෙසක් දරන රූපරාමුද ඇල්ජීරියානු රාජ්‍ය රූපවාහිනිය මඟින් දැක්වූයේය.

එරට උසස් නිලධාරීන් අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ මෙම බුසාරික් ගුවන් කලාපය බොහෝ අනතුරුදායක ප්‍රදේශයක් බවය. එක දිගට විපත් ගණනාවක් වාර්තා වූ මෙම ප්‍රදේශයේ 2003 වසරේදීද දරුණුතම ගුවන් අනතුරක් සිදුව ඇති අතර ඉන් 102 දෙනකුගේ ජීවිත අහිමිවී තිබේ. එම අනතුරද සිදුව ඇත්තේ තමන්රාසෙට් නම් ප්‍රදේශයේදීය. ගුවන් ගතවී මොහොතකින්ය.

2014 දී ද 70කට අධික ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් ඛ් - 130 ගුවන් යානය ඩිජෙබල් ෆර්මාස් නම් කඳුකර ප්‍රදේශයේදී විපතට පත්වූයේ ගොඩබෑමට මොහොතක් තබාය.

2012 දී හමුදා ජෙට් යානා දෙකක් පුහුණුවක යෙදෙද්දී ම්ලෙමිසෙන් ප්‍රදේශයේ ඉහළ අහසේදී එකිනෙක ගැටී එහි ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇත.
ඊට මාසයකට ප්‍රථම ද ද්විත්ව ටර්බයින ඇන්ජින් සහින ඛ්ඒඉඒ - ඛ් 295 නම් හමුදා ප්‍රවාහන ගුවන් යානය ඇල්ජීරියාවට අවශ්‍ය කරන මුද්‍රණය කර තිබුණු මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී විපතට පත්විය. එහි ගමන් ගත් සෙබළුන් හතර දෙනකු, ඇල්ජීරියානු මහ බැංකුවේ නියෝජිත නිලධාරියකුද විපතට පත්වී ඇත.

එහෙත් එම අනතුර සිදුවූ ස්ථානයට ගිය ඕඕඛ් යේ මාධ්‍යවේදියකු පවසා සිටියේ මෙම ගුවන් යානය කඩා වැටුණේ කාර්මික දෝෂයක් නිසාද, ගුවන්නි යමුවාගේ වරදකින්ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසාද යන්න තවමත් හරිහැටි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බවය. මේ වන විටත් එම ස්ථානයට හමුදා විශේෂඥයන් හා පරීක්‍ෂණ නිලධාරීන් පැමිණ නිරීක්‍ෂණයේ යෙදෙන බවද වාර්තාවෙයි. කෙසේ වෙතත් මේතාක් සිදුව ඇති විපත් හා ඉන් අහිමිවූ ජීවිත ගණන ඉහළ අගයක් ගෙන තිබීම නිසා ඇල්ජීරියානු ගුවන් ගමන් නවීන තාක්‍ෂණය සමඟ වැඩිදියුණු කළ යුතු තත්ත්වයන්හි අධ්‍යයනයක්ද අත්‍යවශ්‍ය බැව් එරට උපාධි නිලධාරියකු ඒත බ්භලඥඥපච නාළිකාවට පවසා ඇත.

එබැවින් ඇල්ජීරියානු බලධාරීන් විටින් විට තහවුරු කළ පරිදි එරට ආරක්ෂක අංශවල නිරීක්ෂණයට ලක්වූ අනතුරුදායක ගුවන් බල ප්‍රදේශය තුළදීම මෙම ගුවන් අනතුරත් සෙසු ගුවන් අනතුරුත් සිදුවීම විශේෂත්වයක් ගනී.

සජිත් රෝහිත ලියනගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon