කැලණිය පන්සලේ ධාතු මන්දිරය කැඩූ හොරා ධනවතෙක් වගේ පෙනී ඉඳලා

  👤  3721 readers have read this article !
By mawbima 2018-04-15

කැලණිය රජ මහ විහාරයේ ධාතු මන්දිරය බිඳ එහි තිබූ පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරා ගෙන දෙසතියකට ආසන්න කාලයක් ගතව තිබේ.

ගජ මුතු දහයක්, රන් ආලේපිත බුදු පිළිම දෙකක්, රන් මාල ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් දැනට අතුරුදන්ව ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක්ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ඉකුත් 2 වැනි දින පෙරවරු 8.30ත් 11.30ත් අතර නාඳුනන තැනැත්තකු විසින් ධාතු මන්දිරයට ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇති බව දැනට සිදු කර ඇති විමර්ශවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙම නාඳුනන තැනැත්තා සොරකම සිදු කිරීමට පෙර දින පහක් පමණ විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ කටයුතු නිරීක්ෂණය කර ඇති බවට සී.සී.ටී.වී. කැමරා දර්ශනවලට අනුව හෙළිව ඇත.

ධනවත් පුද්ගලයකු ලෙස හැසිරෙමින් විහාරයේ බිම් අඟලක් ගාණේ පරීක්ෂා කර මෙම සොරකම සිදු කළ සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
මෙම සැකකරු ගැන තොරතුරු වෙතොත් පහත දුරකතන අංකයන්ට දැනුවත් කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති - දිසා අපරාධ බස්නාහිර උතුර 0716868675
ස්ථානාධිපති - කැලණිය - 0718591593

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon