දෙදරු පියකුගේ බහට රැවැටී රෝහලේදී දරුවකු බිහිකළ 18 වියැති මවක් දරුවා එපා කියයි

  👤  3104 readers have read this article !
By mawbima 2017-07-18

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

විවාහක දෙදරු පියෙක් තමාව විවාහ කරගන්නා බවට ලබාදුන් බොරු පොරොන්දුවක් මත ඔහු ඇසුරු කොට පිරිමි දරුවකු බිහිකළ 18 වියැති මවක් දරුවා ගෙදර රැගෙන යෑම ප්‍රතික්ෂේප කරන බව නුවරඑළිය මහ රෝහලෙන් වාර්තා වෙයි.
ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් තේ වත්තක පදිංචිකාරියක වන ඇය ගැබ්ගෙන මාස කීපයක් ගිය පසු සැකකරු තමාව විවාහ කර නොගෙන මඟහරිමින් සිටින බවට ඇය ලිඳුල පොලිසියට මෙයට මාස 4කට පමණ පෙර පැමිණිල්ලක්ද කර තිබී ඇත.

මේ සම්බන්ධයෙන් අප ලිඳුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබුණද වයස අවුරුදු 16කට වැඩි තරුණියකව සිටියදී දෙදෙනාගේ කැමැත්තෙන් එම දේ සිදුව ඇති බැවින් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමට පොලිසියට ප්‍රතිපාදන නැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්