කවුරු මොනව කිව්වත් ආණ්ඩුව 2020 වනතුරු ශක්තිමත්ව ගමන් කරනවා

  👤  3021 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (20).jpg (600×350)

ඉෂාරා සිල්වා

කවුරු කුමන දේ පැවසුවත් මේ ආණ්ඩුව 2020 වනතුරු ශක්තිමත්ව ගමන් කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මහව, මඩගල්ල, හක්වටුනාව වාරි ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේ චාරිකාවට එක්වෙමින් පසුගියදා ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ ආණ්ඩුවෙන් යන බවට සද්දෙ දාන කිසිවකුට යන්න තැනක් නැති බවත් ඔවුන් ගියත් ආණ්ඩුව හෙල්ලෙන්නේ නැති බවත්ය.

පසුගිය ආණ්ඩුව යටතේ සිදුකළ ව්‍යාපෘතිවලින් රටට සැබෑ ප්‍රතිලාභයක් ලැබී නොමැති අතර ලෝකෙට ණය වෙමින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හේතුවෙන් රටම ණය බරින් පීඩාවට පත්ව ඇති බවද ඒ මහතා පැවැසීය.
ගොවි සංවිධාන නිසි පරිදි දැනුවත් කර වඩාත් විනිවිද භාවයකින් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බවත් ඒ අතරේ ඇතැම් කල්ලි කණ්ඩායම් ජනතාව උසි ගන්වමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්