මුලතිව් දෙමළ අයගේ පාරම්පරික ඉඩම් වෙනත් අයට දෙනවට විරෝධය

  👤  3085 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (19).jpg (600×350)

මුලතිව් - ශෂිකුමාර්

මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160ක භූමි ප්‍රමාණයක් වෙනත් පාර්ශ්වයකට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙළපාළියක් ඊයේ (17දා) සවස සංවිධානය කොට තිබිණි.
මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මේ උද්ඝෝෂණ පෙළපාළිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මේ උද්ඝෝෂණ පෙළපාළිය අවසන් වූවේ පූලාංමුරිප්පු මන්සන්ධියෙනි.
උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටියේ,

යුද්ධයට පෙර සහ පසුව සිටම දෙමළ ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ වෙනත් පාර්ශ්වයකට ලබාදීම දැඩි අසාධාරණයක් බවත් මේ වන විට මුලතිව් පලාංමුරිප්පු රක්ෂිතයෙන් ඉඩම් අක්කර 160ක් මුස්ලිම් ජනතාවට ලබා දී එම වැසියන් නැවත පදිංචි කරවීමේ සූදානමක් ඇති හෙයින් එම ක්‍රියාවට තමන් දැඩි සේ විරෝධය පා සිටින බවයි.
දෙමළ ජනතාවගේ උරුමය, සංස්කෘතිය, ඉඩම් වෙනත් ජාතියකට ලබා නොදී එම ඉඩම්වල ඉඩම් නොමැති දෙමළ වැසියන්ම නැවත පදිංචි කරවීමට බලධාරීන් පියවර ගත යුතු බව උද්ඝෝෂකයෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්