අතීතට හා අංජානිට දක්‍ෂතම ක්‍රීඩක - ක්‍රීඩිකා සම්මාන

  👤  2942 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (24).jpg (600×350)

දියගමදී පසුගියදා අවසන් වූ ලංකා ලයන්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ අතීත කරුණාසිංහ හා අන්ජානි පුල්වංශ හොඳම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට සමත් වූහ.

එහිදී පිරිමි තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ යුද හමුදාවේ අතීත කරුණාසිංහ මීටර් 15.69ක දුරක් තරණය කර තිබූ අතර, කාන්තා දුර පැනීම ඉසව්වෙන් මීටර් 5.90ක දුරක් තරණය කිරීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අංජානි සමත්වී තිබිණි.
කෙසේ වෙතත් අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩය යටතේ මීටර් 100 ඉසව්ව තත්. 12.3කදී හා මීටර් 200 තත්.26.0කදී අවසන් කළ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කෙටි දුර ක්‍රීඩිකා සදීපා හෙන්ඩර්සන් මෙම තරගාවලියේදී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

මේ අතර අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ මීටර් 1.70ක උසක් තරණය කළ පන්නිපිටිය ධර්මපාල විදුහලේ උදිල් විද්සරිත්, අවුරුදු 16න් පහළ (බාලක) උස පැනීම ඉසව්වෙන් මීටර් 1.80ක උසක් තරණය කළ ගම්පහ ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජයේ දිනුර ජයලත්, අවුරුදු 20න් පහළ (බාලක) මීටර් 200 ඉසව්වෙන් තත්.21.9ක කාලයක් සටහන් කළ ක්‍රීඩකයන් කැපී පෙනෙන දක්‍ෂතා දක්වා තිබිණි.

ඡායාරූපය _ තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්