කිතුෂාන් හා සුදර්මතී නෙස්ටමෝල්ට් මිනි මැරතන් ජය ලබති

  👤  3003 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (25).jpg (600×350)

විචිත්‍ර වීරසිංහ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශයේ සංවිධායකත්වයෙන් නෙස්ටමෝල්ට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ආවරණය කරමින් පැවැති නෙස්ටමෝල්ට් ජාතික පාසල් අර්ධ මැරතන් තරගාවලියේදී ශිවන්දන් කිතුෂාන් හා එස්. සුදර්මතී පිරිමි හා කාන්තා ශූරතා දිනාගනු ලැබූහ.
ඒ අනුව වවුනියාව දෙමළ විදුහලේ කිතුෂාන් විසින් කි.මී. 21.5කින් යුත් මෙම තරගය පැය 1.14.52කින් අවසන් කරමින් පළමු ස්ථානය දිනාගනිද්දී පිළිවෙළින් පැය 1.22.35කදී හා පැය 1.24.50කදී අවසන් කළ ඔඩ්ඩුසාන් විදුහලේ පී.ජෙනන්තනන් හා යාපනය කොකාවිල් උසස් විදුහලේ ආර්. රිනුජන් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගෙන තිබිණි.

කෙසේ වෙතත් මුලතිව් උදයර්කාදු විදුහලේ එස්.සුදර්මතී පැය 1.37.3කදී අවසන් කරමින් කාන්තා තරගය ජයග්‍රහණය කරද්දී පිළිවෙළින් පැය 1.44.07කදී අවසන් කළ මුලතිව් කච්චිලයිමදු විදුහලේ එස්.විතූෂා දෙවැනි ස්ථානයත්, පැය 1.44.40කදී අවසන් කළ ටී.දෙන්ෂිකා තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත් වූහ.
මේ අතර මෙම තරගයට සමගාමීව කි.මී. 5 තරගයක්ද පැවැති අතර, එහිදී වි.18.25.7ක කාලයක් සටහන් කරමින් යාපනයේ නෙලයිදු විදුහලේ එම්. අනෝජාන් පිරිමි තරගය ජයගනිද්දී වි.21.22.4ක කාලයක් සටහන් කළ පලුගොල්ලාගම විදුහලේ අකොෂිෂාලේඛා කාන්තා පළමු ස්ථානය දිනාගෙන තිබිණි.
ඡායාරූපය _
කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්