සුපර් සෙවන්ස් රග්බි කිරුළ මොබිටෙල් ඊගල්ස්ට

  👤  3086 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (23).jpg (600×350)

මොබිටෙල් ඊගල්ස් 26-12ක් ලෙස පරාජය කළ ඊසි වොල්ව්ස් කණ්ඩායම ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ජයග්‍රහණය කළද තරගාවලියේ සමස්ත ශූරතාව හිමිවූයේ මහනුවරදී පැවැති පළමු අදියරෙහි ශූරතාව දිනාගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමටය.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති දෙවැනි අදියරෙහි අවසන් තරගයේදී සුදර්ශන මුතුතන්ත්‍රි හා නෙල්සන් ඔයෝ ලබාදුන් සහායත් සමඟින් පළමු අදියර 14-12ක් ලෙස ඉදිරියෙන් සිටීමට වොල්ව්ස් කණ්ඩායම සමත්ව තිබිණි.

එම රිද්මය නොකඩවා පවත්වා ගත් ඊසි වොල්ව්ස් කණ්ඩායම අවසානයේදී 26-12ක් ලෙස ජයගත් අතර, ඊසි වොල්ව්ස් කණ්ඩායමේ සුදර්ශන මුතුතන්ත්‍රි කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්විය.

මේ අතර සොෆ්ට්ලොජික් කණ්ඩායම 36-19ක් ලෙස පරාජයට පත්කළ ඇසෙස් කිංග්ස් කණ්ඩායම බඳුන ශූරතාව දිනාගනිද්දී ඩ්‍රැගන්ස් කණ්ඩායම 28-19ක් ලෙස පරාජය කළ වොල්කර්ස් කණ්ඩායම පළිහ ශූරතාව දිනාගත්තේය.
ඡායාරූපය _ ලක්සිරි රුක්මන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්