ආණ්ඩුවෙන් ඉවත් වී යන්න හදන්නේ ඉකුත් මහ මැතිවරණයෙන් පරාජය වූ පිරිසක්

  👤  3169 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (16).jpg (600×350)

දූෂණ මර්දන ලේකම් කාර්යාලය තවදුරටත් ක්‍රියාත්මක විය යුතු යැයි තම මතය වුවද ජනාධිපතිතුමා එය අහෝසි කළත් මෙම ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කළ මූල්‍ය අපරාධ කොට්ඨාසය තවදුරටත් ශක්තිමත්ව හා කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යන බවත් එකක් අහෝසි කළ පමණින් දූෂිතයන්ට හා හොරුන්ට පැන යෑමට ඉඩක් නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලලාල් බණ්ඩාරිගොඩ සඳහන් කරයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පෙරේදා (16දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

"ආණ්ඩුව වට්ටවන්න හිතාගෙන ආණ්ඩුවේ සිටින මන්ත්‍රිවරුන් පිරිසක් ඉවත් කර ගන්න යන පුවතක් අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත්ව තිබෙනවා. ආණ්ඩුවෙන් ඉවත්ව මෙසේ ස්වාධීන වෙන්න කතා කරන්නේ පසුගිය මහා මැතිවරණයෙන් පරාජිතයන් බවට පත්වූ පිරිසක්. ආණ්ඩුව අස්ථාවර වෙන්න අප කිසිසේත් ඉඩ තියන්නේ නෑ.

රට අස්ථාවරයි කියන මතයක් ඇතිකර මේ අය උත්සාහ කරන්නේ රටට එන ආයෝජකයන් නැවැත්වීමටයි. එහෙම කර මෙම රජයේ ආර්ථික සැලසුම් අඩපණ කර ආණ්ඩුවට ඉදිරියට යන්න බැරි පසුබිමක් නිර්මාණය කිරීමයි ඔවුන්ගේ අපේක්ෂාව. නමුත් අප කිසිසේත් මේ පරාජිතයන්ගේ වුවමනාවන් ඉෂ්ට වීමට කිසි ලෙසකින් හෝ ඉඩ දෙන්නේ නැහැ.

2015 ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මීතොටමුල්ල වගේ කුණු කඳු රැසක් භාරගන්න සිදුවුණා. පසුගිය ආණ්ඩු කාලයේ ඇති කළ මහා ණය කන්දරාව නිසා මීතොටමුල්ලට වඩා විශාල ණය කන්දක් ගොඩනැඟී තිබෙනවා. අපි බොහොම අමාරුවෙන් විවිධ දේ කර ඒක පිළිවෙළක් කරන්න උත්සාහ කරද්දී තවත් අර්බුද රැසකට මුහුණ දෙන්න අපට සිදුවුණා. ඒවාත් අප එකිනෙක විස¼දා ගනිමින් අද වනවිට රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත්කර ගන්න හැකිවී තිබෙනවා. මහ බැංකු වාර්තාවලින් පවා මේ වනවිට ඒ බව තහවුරු වී තිබෙනවා.

දෙපාරක් ජනාධිපති ධුරයේ කටයුතු කරලත් මදිවෙලා ජීවිත කාලය පුරාම තනතුරේ ඉන්න හිතාගෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් නැවත ඡන්දය ඉල්ලුවා. වේලාසනින් ඡන්දය තිබ්බෙත් ඒ විදියට බලය තහවුරු කරගන්නයි. නමුත් මහින්ද මහත්තයාට තව අවුරුදු 2ක් බලයේ ඉන්න තිබියදී වේලාසනින්ම ගෙදර යන්න සිදුවුණා. දැන් මේ ආණ්ඩුව අභියෝග ජයගෙන හොඳින් කරගෙන යද්දී ඒක ඉවසාගෙන ඉන්න බැරි නිසා කරන කටයුතුවලින් සිදුවන්නේ පංචතන්ත්‍රයේ කියැවෙන කූඤ්ඤය ගලවන්න ගිය වඳුරාට සිදුවූ දේමයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියා පැවැත්වූ මුල්ම මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ජනාධිපති වූ විගස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන බව ප්‍රකාශ කළා. ඒ නිසයි එතුමාට ජනතාව ඡන්දය ලබාදී ජනාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ. එය වෙනස් කරන්න බැහැ. ඒ වගේම මහ මැතිවරණයේදී අප කීවේ තුනෙන් දෙකේ බලය ලැබුණත් මුළු පාර්ලිමේන්තුවම එකතු කරගෙන ජාතික ආණ්ඩුවකට යනවා කියලයි. ඒ නිසා ජන වරමට පිටුපාන්න අපට බලයක් නැහැ.
උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්