බැඳුම්කර හොරු පත්තර - ටි.වී. පටන්ගත්තේ

  👤  3094 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (17).jpg (600×350)

බැඳුම්කර වංචාවේ මුදල්වලින් පුවත්පත්, රූපවාහිනි ආරම්භ කළේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළේ ඉන්න බොහෝ දෙනාට මේක තේරෙනවා. එස්.බී. දිසානායක වගේ ඇමැතිවරු, ඩිලාන් පෙරේරා වගේ ඇමැතිවරු අපේ ගොඩක් ඒ පැත්තෙ ඉන්න ඇමැතිවරු මේ ගැන දන්නවා. ඔවුන්ට තේරෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ අප්‍රකාශිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අප්‍රකාශිත ව්‍යාපෘතියේ එක ප්‍රධාන සැලසුමක් බැඳුම්කරය හරහා සිදුවුණා. එක්සත් ජාතික පක්‍ෂයට, සිරිකොතට ගැටගසා තිබෙන බව අවබෝධ කරගත්තු බහුතරයක් ආණ්ඩුව අත්හැරදා එනවා. ඒකාබද්ධ විපක්‍ෂයට එනවද? ස්වාධීනව විපක්‍ෂයේ ඉන්නවද මම දන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට ආදරය කරන ගරු කරන බහුතරයක් දෙනා මේ යූ.එන්.පී. ආණ්ඩුවෙන් එළියට ඒවි කියලා මම විශ්වාස කරනවා.

ජනාධිපතිතුමා නායකයා බව ඇත්ත. ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා බවත් ඇත්ත. නමුත් ආණ්ඩුව ගෙන යන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ රේල් පීලිවල. එක්සත් ජාතික පක්‍ෂයේ එන්ජිම. එක්සත් ජාතික පක්‍ෂයේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ. ඒ නිසා ඒකට එකඟ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන බොහෝ දෙනා ආණ්ඩුවෙන් එළියට එනවා.

බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුව උනන්දුවක් නෑ. කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. කොමිෂන් සභාව දඬුවම් දෙන ආයතනයක් නෙවෙයි. කරුණු සොයන ආයතනයක්. කරුණු සොයල දේවි. හැබැයි ආණ්ඩුවට ඒකට දඬුවම් දෙන්න ඕන කමක් නෑ.

2015 පෙබරවාරි මාසයේ 21 වැනිදා පැය භාගයකදී දහයයි දහය හමාරයි අතර පැය භාගයකදී බැඳුම්කරයෙන් ගහපු ගැහිල්ල මිලියන දෙළොස් දහසයි. බිලියන ‍ෙදාළහයි. ඒ නිසා ඒක ඉතිහාසයේ යට ගැසෙන, යට ගසන තොරතුරක් බවට පත්වෙයි. කොමිෂන් සභාව කරුණු ටික සොයලා දෙයි. එතැන ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු ඉන්නවා. ඒකට දඬුවම් දීමේ ක්‍රියාමාර්ගයට වෙනම අධිකරණයකට යන්න වෙනවනෙ. ඉතින් ආණ්ඩුව ඒ ගැන වංගු ගහන බව පේනවා.

මේ සම්මුතියේ තියෙන්නෙ මහින්ද රාජපක්‍ෂ විරෝධය විතරයි. එහෙම නැතිව දැන් බැඳුම්කරේ සම්බන්ධව රජය මත දෙකක්. සයිටම් මත දෙකක්. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මත දෙකක්. කසළ කළමනාකරණය සම්බන්ධව මත දෙකක්. ඒ නිසා තීන්දු ගන්න බෑ. රට ඉස්සරහට යන්නෙ නෑ. ආර්ථික වශයෙන් වැටිලා. ඒ නිසා ආණ්ඩුවේ ස්ථාවර භාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්