කොකේන් ජාවාරමකට සම්බන්ධ පස්දෙනකු යළි රිමාන්ඩ්

  👤  3102 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (12).jpg (600×350)

අමිල අබේරත්න

නීති විරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 816යි මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන වරදවලට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතරින් චෝදනා ගොනු කළ සැකකරුවන් 6 දෙනාගෙන් 5 දෙනකු ජූලි 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (12දා) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තා සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දන්වා සිටියාය.
සිද්ධියට සම්බන්ධ ඇප ලබා සිටින දේශීය සැකකරුවකුට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉල්ලීම පරිදි මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළ අතර වරෙන්තුවේ පිටපත් ආගමන විගමන පාලකවරයාට සහ ගුවන්තොටුපළට යැවීමටද නියෝග කළාය.

වරෙන්තු නියම කළ තැනැත්තා ක්‍රිස්ටෝපර් ෆ්‍රැන්සිස් නමැති නයිජීරියානු ජාතිකයකු වන අතර අධිකරණය මඟහැර සිටීම මත මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහුට වරෙන්තු නිකුත් කරනු ලැබිණි.

නිටොනි ඩෙනිස්, නොනි චිකේ, ඔතෙලෝ ඩැනියෙල් නමැති නයිජීරියානු ජාතිකයන් තිදෙනා සහ ආබ්දීන් ඉක්බාල් නමැති ශ්‍රී ලාංකිකයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔන්ඩුරා සන්ඩේ නමැති නයිජීරියානු ජාතිකයා සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය මඟින් ඇප ලබා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්