සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවකට රට යන්න උසාවියෙන් අවසර

  👤  3078 readers have read this article !
By mawbima 2017-07-18

අමිල අබේරත්න

පසුගිය ආණ්ඩුව සමයේ සමස්ත ලංකා පැවිදි සංවිධානයට විසින් පැවැත් වූ පිරිත් පින්කමකට ලක්ෂ 50ක මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවකට සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් විදේශ පුහුණුවකට රට යෑම සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමකට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසරය ලබාදෙනු ලැබුවාය.

අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම පරිදි ජූලි 21 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා දවස් 7ක කාලයක් විදේශගත වීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදුන් අතර විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව විත්තිකාර අධ්‍යක්ෂවරියට මුදාහරිනු ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්