වෝකි-ටෝකි හොරකමට අවුරුද්දක් හිරේට

  👤  3328 readers have read this article !
By mawbima 2017-07-18

අමිල අබේරත්න

පොලිසියේ ගමන් කථන යන්ත්‍රයක් (වෝකි ටෝකි) සොරකම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් 1500ක දඩයක් නියම කරමින් අවුරුද්දක සරල සිරදඬුවම් නියම කළාය.
ගමන් කථන යන්ත්‍රයක් (වෝකි ටෝකි) යනු පොලිසියේ දෛනික රාජකාරියට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බවද එය සොරකම් කිරීම හේතුවෙන් පොලිසියේ රාජකාරිවලට බාධා සිදුවී තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය දැනුම්දුන් අතර පෙර වැරැදි නොමැතිවීම මත මෙම දඬුවම නියම කරන බවද දන්වා සිටියාය.

පොලිසියට බැඳීමට තිබූ ආසාව හේතුවෙන් අදාළ පුද්ගලයා විසින් 'වෝකි ටෝකි' යන්ත්‍රය සොරකම් කර ඇති අතර සොරකම් කිරීම සහ සොර බඩු සන්තකයේ තබාගැනීම යටතේ කොටුව පොලිසිය මඟින් චෝදනා ගොනුකර තිබිණි.
විත්තිකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් බන්දුල නමැත්තෙකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon