අන්තර්ජාලය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,600ක්

  👤  2976 readers have read this article !
By mawbima 2017-07-18

හර්ෂනී අර්සකුලරත්න

අන්තර්ජාලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා පැමිණිලි එක්දහස් හයසියයක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (ඉපඪ ඹ්චදඬච ඛ්ඡ්අඊ) පවසයි.

මෙයින් සියයට අසූවක් පමණ පැමිණිලි ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම්වලට අදාළව බව එහි ප්‍රධාන තොරතුරු අධ්‍යක්ෂ ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ නිරත ආයතන ලෙස පෙනී සිටිමින් කූට ලෙස මුදල් වංචා කිරීම සම්බන්ධ පැමිණිලි කිහිපයක්ද ලැබී ඇති බවද හෙතෙම පැවැසීය.

අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට යොමු වීමේදී තමන් ගනුදෙනු කරන්නේ අව්‍යාජ පුද්ගලයන් සහ ආයතන සමඟ නොවන බවට මුලින්ම තහවුරු කරගන්නා ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්