ගාල්ල මහාධිකරණයේ පවරා තිබූ නඩුව පසුව විභාගයට ගැනීමට බහා තබයි

  👤  3131 readers have read this article !
By mawbima 2017-07-18

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

සුරාබදු වැටලීම්වලදී වාහන තහනම් කිරීම, රාජසන්තක කිරීම හා සුරා බදු නඩු පැවරීමට පොලිසියට බලය නොමැති බවට ගාල්ල මහාධිකරණයට ගොනු කර තිබූ ප්‍රතිශෝධන පිළිබඳ නඩුවක් ඊයේ (17දා) විභාගයට ගැනුණු අවස්ථාවේ එම නඩුව විභාගයට නොගෙන බහා තැබීමට ගාල්ල මහාධිකරණ විනිසුරු උපාලි ගුණවර්ධන මහතා නියෝග කළේය.

ගාල්ල හබරාදුව සහ අහංගම පොලිස් ස්ථානවල සුරාබදු වැටලීම් සම්බන්ධයෙන් මෙම ප්‍රතිශෝධන නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණි. එහිදී පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර, ගාල්ල
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, පොලිස් අධිකාරි
සතිෂ් ගමගේ සහ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර ඇතුළු නිලධාරී පිරිසක්ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

එහිදි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ගරු අධිකරණයේ විභාගයට ගැනෙන ප්‍රතිශෝධන නඩුවලට අදාළ කරුණු පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අභියාචනයක් විභාගයට ගැනෙන බැවින් ඒ පිළිබඳ තීන්දුවක් ලැබෙන තෙක් මේ පිළිබඳ ගරු අධිකරණය කරුණු සලකා බලන ලෙසය. එසේම මෙවැනිම කරුණු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවලද ප්‍රතිශෝධන නඩු විභාගයට ගැනීමට තිබෙන බවද සඳහන් කරමින් එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබිණි.
ඒ පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරුතුමා විසින් එම නඩුව

ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව අනුව පියවර ගැනීම සඳහා නඩුව බහා තැබීමට නියම කළේය.
රජයේ නීතිඥ කනිෂ්ක රාජකරුණා මහතාද අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ අතර සුරාබදු අධිකාරිය විසින් එම ප්‍රතිශෝධන නඩුව ගොනුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්