ගතවූ පස් වසරේ තැපැල් දෙපාර්තමේන්තුවට බිලියන 20කට ආසන්න පාඩුවක් වෙලා

  👤  2976 readers have read this article !
By mawbima 2017-07-18

උපතිස්ස පෙරේරා

ගතවූ වසර 05 තුළ තැපැල් දෙපාර්තමේන්තුව ලැබූ පාඩුව රුපියල් බිලියන 20කට ආසන්න බව එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.

එම වාර්තාවට අනුව තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 661 කි. ඒ අනුව 2016 වසරේ ආදායම 2015 වසරට වඩා රුපියල් මිලියන 133ක අඩුවීමක් පෙන්නුම් කරයි. පසුගිය වසර 5 කාලසීමාව හා සලකන විට අවම ආදායමක් ලබා ඇත්තේ මේ වසරේදීය.
නව තාක්ෂණය නිසා ජනතාව තැපැල් සේවා කටයුතුවලින් බැහැර වීම, අන්තර්ජාලය සහ සමාජ වෙබ් ජාල, වෙබ්අඩවි ජනතාව වැලඳ ගැනීම, බැංකු සේවා කටයුතු විමධ්‍යගත කිරීම, දුරකතන සේවා ව්‍යාප්තිය තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් බිඳ වැටීමට හේතුවී ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්