අපවත් වී වදාළ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ දේහය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට

  👤  3134 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (5).jpg (600×350)

මහනුවර - නදීක දයා බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අපවත්වී වදාළ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමිපාණන් වහන්සේගේ දේහය ඊයේ (17දා) ගෞරව දැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වැඩම කරවන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෝසුසුම් මැද උන්වහන්සේගේ දේහය විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත වැඩම කෙරිණි.
අපවත්වී වදාළ පූජ්‍ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන්ගේ දේහය පිළිමතලාව, මල්ගම්මන, මැද්දේගොඩ විහාරයේ අවසන් ගෞරව සඳහා තැම්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු හෙට (19දා) දින පිළිමතලාව මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්