ලබන 23දා තෙක් කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය මැදවච්චියෙන් නවතී

  👤  2965 readers have read this article !
By mawbima 2017-07-18

උපතිස්ස පෙරේරා

කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය මාර්ගයේ මැදවච්චිය සහ වෙඩ්ඩිකුලම් අතර පිහිටි පැරැණි පාලමක් ඉවත් කර නව පාලමක් සවි කිරීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (17දා) සිට මේ මස 23දා තෙක් මැදවච්චිය දක්වා සීමා කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම කාලය තුළ මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර බස් රථ සේවාවක් යොදා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්