‘හසලක ගාමිණී’ට රණවිරු උපහාර

  👤  3037 readers have read this article !
By mawbima 2017-07-18

අනුරාධා හේරත්

හසලක ගාමිණී හෙවත් කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාට උපහාර දැක්වීමේ උළෙලක් පසුගියදා යුද හමුදාවේ 66 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ ප්‍රධානත්වයෙන් අලිමංකඩදී සමරනු ලැබීය.කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවාගේ අලිමංකඩ ස්මාරකය අබියසදී පැවැත්වූ මෙම උපහාර උළෙල සහ පිරිත් සජ්ජායනය යුද හමුදාවේ 66 වන සේනාංකයේ අනුග්‍රහයෙන් පවත්වන ලදී. එම අවස්ථාවට ගාමිණී කුලරත්න මහතාගේ මවුපියන් වන එස්.ජී. ජුලියට් සහ සහෝදර සහෝදරියෝ එක්ව සිටියහ. එහිදී මේජර් ජෙනරාල් කැප්පටිවලාන පැවැසුවේ 1991 ජූලි 13 දින මුළු අලිමංකඩ යුද හමුදා කඳවුරම විනාශ කර අත්පත් කර ගැනීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යුද ටැංකියක ස්වරූපයෙන් තැනූ බුල්ඩෝසරයක් කඳවුරට ධාවනය කරද්දී එම බුල්ඩෝසරයට පැන ජීවිතය පිදූ ගාමිණී කුලරත්න විරුවා සදා අමරණීය බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්