නැඟෙනහිර සංවර්ධනයට මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ගැටලු රැසක්

  👤  2974 readers have read this article !
By mawbima 2017-07-18

ලක්‍ෂ්මි ජයකොඩි

නැඟෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදනවලදී මධ්‍යම රජය විසින් සිදුකරන මැදිහත්වීම් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව නැඟෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් මහතා පවසයි. පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුව විසින් ලබානොදීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ. වසරේ අඩක් ගතව තිබියදීත් මේ වසරට අදාළව නැඟෙනහිර පළාතට වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් නොලැබුණු බවට චෝදනා කරන අමාත්‍යවරයා ඒ හේතුවෙන් පළාතේ ජනතාවට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවද කියයි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ මේ වසරට අදාළව නැඟෙනහිර පළාතට වෙන් කොට ඇති මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්