වැවිලිකරුවන්ට සහන සලසමින් පොල් නිපැයුම් ධාරිතාව පුළුල් කරන්න යයි

  👤  3044 readers have read this article !
By mawbima 2017-07-18

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

ලාංකේය වැවිලිකරුවන්ට සහන සලසමින් පොල් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. වෙළෙඳපොළ තත්ත්වය මත වැවිලිකරුවන් පාරිභෝගිකයන් ආදී සෑම පාර්ශ්වයන්ගේම අදහස් විමසා බලා කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි ලංකාවේ පොල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමෙන් කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය පොල් මද සහ පොල් ආශි්‍රත නිෂ්පාදනයන් වැඩිකිරීමට රජය තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අතර පසුගිය දිනක (12දා) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැති විශේෂ හමුවේදීය. ලංකාවට පොල් ගෙන්වීමට අවසර දිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව ශාක නිරෝධායන පනත යටතේය.මෙරටට පොල් ගෙන්වීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ හමුව පැවැත්විණි.

ඒ අනුව මේ හමුවේදී කැබිනට් පත්‍රිකාවකින් සම්මත කළ පනතක් වෙනස් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැති බැවින් පොල් ගෙන්වීම හරහා රටට ඇතිවන ප්‍රතිවිපාක හා පොල් මද ආනයනය කිරීමේ අවශ්‍යතාවක් තිබේද එසේ නොවේ නම් මෙරට පොල් පලදාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්