අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ දෙන්න යයි

  👤  3083 readers have read this article !
By mawbima 2017-07-18

ඉෂාරා සිල්වා

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ ලබාදීමට පියවර ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් චෝදනා කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට තීරු බදු රහිත මෝටර් රථයක් ලබාදී තිබියදී තවත් මෝටර් රථයක් සඳහා හාර ලක්ෂ විසිපන් දහසක මුදලක් ගෙවීමට අමාත්‍යාංශ බලධාරීන් තීරණය කිරීම හෙළා දකින බවත් හෙතෙම කීය.

නව සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ හිඟ වැටුප් සහ විදුහල්පතිවරුන්ගේ දීමනා පවා ගෙවා නොමැති වකවානුවක මෙවැනි ඵලදායී නොවන වියදම් සිදු කිරීම බරපතළ වරදක් බවද ඔහු පෙන්වා දෙයි. මේ ගැටලුව විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බවද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්