ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුව කඩිනමින් විසඳුම් දිය යුතුයි

  👤  2989 readers have read this article !
By mawbima 2017-07-18

ලක්‍ෂ්මි ජයකොඩි

ජනතාවගේ අරගල හඳුනා ගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් අවධාරණය කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ආණ්ඩුව යම් යම් පියවරයන් ගෙන තිබුණද වත්මන් ආණ්ඩුවෙන් තමන් අපේක්‍ෂා කළ තරමේ අරමුණු ඉටු නොවූ බව සම්පන්දන් මහතා සඳහන් කරයි. නව ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලැබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඒ මහතා මෙරට සියලු ජාතීන් එක්ව පසුගිය ආණ්ඩු පෙරළිය සිදුකළ බවද පවසා තිබේ. උතුරු නැඟෙනහිර පළාත් ජනතාව සිය එදිනෙදා ගැටලු විසඳී නැති බවට චෝදනා කරමින් අඛණ්ඩ අරගලවල නිරතව සිටින බව ද හෙතෙම පවසයි. දේශපාලනික සිරකරුවන් පිළිබඳව ගැටලුව හමුවේ සිය සන්ධානය පැවැසූ කිසිවක් සිදුනොවූ බව ද උතුරු පළාතේ ආරක්‍ෂක අංශ සතු පෞද්ගලික ඉඩම්වලින් මේ වනවිට නිදහස් කර ඇත්තේ ඉතා සීමිත ඉඩම් සංඛ්‍යාවක් බව ද විපක්‍ෂ නායකවරයා සඳහන් කර ඇත.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මෙතෙක් පිහිටුවීමට ආණ්ඩුව සමත්ව නැති බව පවසන ඒ මහතා ජනතාව ඒ වෙනුවෙන් ආරම්භ කොට ඇති අරගල සාධාරණ බව ද කියයි. දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම්පන්දන් මහතා මේ බව පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්