පේරාදෙණිය සරසවි බාහිර උපාධි අවසන් කිරීමට එරෙහිව අපේක්ෂකයන්ගෙන් චෝදනා

  👤  2986 readers have read this article !
By mawbima 2017-07-18

දයා පෙරේරා

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වජ්‍ර ජයන්තිය සමරන ලද මේ වර්ෂයේදී ශාස්ත්‍රවේදී බාහිර කලා උපාධිය අවසන් කිරීමේ සමරුවක් පවත්වන බවට උපාධි අපේක්ෂකයෝ චෝදනා කරති.

2016 වර්ෂයේ කලා බාහිර උපාධි අවසන් පරීක්ෂණයට පෙනී සිටි 3500කගේ ප්‍රතිඵල මේ දක්වා නිකුත් කර නැත. එම නිසා මේ වසරේ බාහිර උපාධි ප්‍රදානෝත්සවයක්ද පැවැත්වෙන්නේ නැති බවද එම උපාධි අපේක්ෂකයෝ පවසති.
කලට වේලාවට ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා එම උපාධියට පෙනී සිටි බොහෝ දෙනකුට සිය රැකියා ස්ථානවල වැටුප් වර්ධක සේවා උසස්වීම් යනාදිය ලබාගැනීමට නොහැකිවීමට විශ්වවිද්‍යාල බලධාරීන් වගකිව යුතු බවද ඔවුහු කියති.

2017 වර්ෂයේ බාහිර කලා ප්‍රථම පරීක්ෂණය මෙතෙක් පවත්වා නැත. මේ සඳහා අයදුම්කරුවෝ 4400ක් සුදුසුකම් සපුරා සිටිති.
2017 වර්ෂය සඳහා "ශාස්ත්‍රවේදී" කලා බාහිර උපාධියට ලියාපදිංචි කර නොගැනීමටද විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර ඇත.
අභ්‍යන්තර උපාධිලාභීින්ට බාහිර උපාධිලාභීන්ගෙන් රැකියා වෙළෙඳපොළේදී තරගයක් ඇතිවීම, බාහිර සිසුන් "ටියුෂන් කඩ"වලදී උපාධියට ඉගෙනුම ලැබීම, එම ස්ථානවල ඉගැන්වීම ගුණාත්මක නොවීම වැනි කරුණු නිසා මේ බාහිර උපාධියට සිසුන් ලියාපදිංචි කර නොගැනීමට හේතු වශයෙන් බලධාරීහු පවසතියිද කියති.
හැත්තෑ පස් වසරක් සපිරුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා බාහිර උපාධියටද හතළිස් වසරක ඉතිහාසයක් තිබේ.

බාහිර උපාධියට ලබන ඉගෙනුම ගුණාත්මක නොවුණත් ප්‍රමිතියකට අනුව ගුණාත්මකභාවයෙන් යුතු විභාග පවත්වන්නේ විශ්වවිද්‍යාලයේ බලධාරීන් නොවේදැයි බාහිර උපාධි අපේක්ෂකයෝ "මව්බිම"ට කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්