බි්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන ලංකාව අවධානයෙන්

  👤  3034 readers have read this article !
By mawbima 2017-07-18

හර්ෂනී අර්සකුලරත්න

මීට සති කිහිපයක පෙර බි්‍රතාන්‍ය, යුක්රේනය ඇතුළු රටවල් කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවුණද එවැනි තත්ත්වයක් ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිරන්තර අවධානයෙන් සිටින බව පවසයි. සැක සහිත ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වැළැකී සිටීම මෙන්ම තම පරිගණකයේ ඇති වැදගත් ලිපිගොනු, පින්තූර, දත්ත, තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (Backup) වඩාත් ආරක්ෂාකාරී උපක්‍රම බවත් එසේම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වයිරස් ගාඩ් නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීමෙනුත් පරිගණකය වයිරස්වලට ලක්වීම බොහෝ විට වළකා ගැනීමට හැකිවන බවත් එම සංසදය සඳහන් www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද එම සංසදය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්