මහරගම සිට කතරගමට පයින්ම යන්න ගිය ජෝසප් ඇන්ටන් කාගේ කවුද?

  👤  3179 readers have read this article !
By mawbima 2017-07-18

18-07-2017 Mawbima (3).jpg (600×350)

ඉමදුව - ටී. විතානවසම්,බද්දේගම - ඕ. කමලනාථ,ගාල්ල _ එච්. පරණවිතාන

මහරගම සිට කතරගම දක්වා පයින් ගමන් කළ බවට සැකකරන පුද්ගලයකු 16 දින ගාල්ල නගරයේදී වෙළෙඳසලක් ඉදිරිපිට මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි. මේ පුද්ගලයා මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු බවට සඳහන් අත් අකුරින් ලියන ලද ලිපියක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

"මහරගම ආසිරි" යනුවෙන් සඳහන් ඒ 4 ප්‍රමාණයේ කඩදාසියක්ද ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ. එහි "මගේ නම ජෝසප් ඇන්ටන්. මට පිළිකා රෝගයක් තියෙනවා. වකුගඩු ඔක්කොම සවුත්තු වෙලා. කතා කරන්න අපහසුයි. 2016 මහරගම සහ කරාපිටිය රෝහල්වලින් ප්‍රතිකාර ලැබුවා. වෛද්‍යවරයෙක් මහරගම ශල්‍යකර්මය සඳහා රු. 300,000 ඉල්ලනවා" යනුවෙන් සටහන් කර ඇත. ඔහු සන්තකයේ තිබී පොලිසිය සොයාගත් තවත් ලිපියක සඳහන්ව ඇත්තේ,

ජෝෂප් ඇන්තනි වන මම උගුරේ පිළිකා රෝගයකින් පෙළෙන අයෙක් බවත් මා හට නිසි ආකාරව කතා කිරීමට නොහැකි බවත්ය. එසේම ඔහුගේ බිරියද ජීවතුන් අතර නැති බවත්, පුතුන් පස් දෙනකු සිටියද කිසිවකු සැලකීමට දැන් නොමැති බවද මෙම ලිපියේ සඳහන් වෙයි. එම හේතුව නිසා මම මහරගම සිට මෙසේ කතරගම දක්වා පයින් යෑමට ආරම්භ කර ඇති බවද 2017.06.09 දිනැති ඔහුගේ අත්අකුරින් ලියූ බවට සැක කරන ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අනුව මාසයකට වැඩි කාලයක් අදාළ පුද්ගලයා මහරගම සිට මෙසේ පයින් කතරගම බලා යෑම සඳහා පැමිණෙමින් සිටින්නට ඇති බව පොලිසිය සැක කරයි. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යැවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්