වැලිකඩ නියාමකවරියක් මේස් දෙක අස්සේ ‘සිම්’ ගෙනගිහින් මාට්ටු

  👤  3152 readers have read this article !
By mawbima 2017-07-18

කුමුදු උපුල් ශාන්ත

සිය පාවහන් තුළ හා මේස් තුළ සඟවාගෙන සිම් කාඩ්පත් හයක් වැලිකඩ බන්ධනාගාරය තුළට රැගෙන යෑමට උත්සාහ කළ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශ නියාමකවරියගේ වැඩ තහනමට ලක්කර තිබේ.

මෙම නියාමකවරිය පෙරේදා (16දා) පෙරවරුවේ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාර ‍ෙදාරටුව අසලට පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේදී එහි ආරක්ෂාවට යොදවා සිටි බුද්ධි හා ආරක්ෂක අංශ නිලධාරිනියන් ඇතුළු පිරිසක් ඇයව පරීක්ෂා කිරීමේදී එකී සිම්පත් සොයාගෙන ඇති බවත් අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ නිලධාරිනියගේ වැඩ තහනමට ලක්කළ බවත් මෙම සිම්පත් රැගෙන ගියේ කුමන හේතුවකටද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

මෙසේ වැඩ තහනමට ලක් කළ නිලධාරිනිය වසර 15ක සේවා කාලයක් සපුරා ඇති තැනැත්තියක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්