මාස 7ට ළමා අපරාධ පැමිණිලි 3,785ක්

  👤  3384 readers have read this article !
By mawbima 2017-07-18

අනුරාධා හේරත්

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ළමා අපරාධ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි 3,785ක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි.

වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ ළමා කෘෘරත්වය සම්බන්ධයෙන් බවත් එය 956ක්ද අධ්‍යාපනය ලබා නොදීම පිළිබඳ 602ක්ද ලිංගික හිංසන සම්බන්ධයෙන් 214ක්ද බාල අපරාධවලට අදාළව 212ක්ද බරපතළ ලිංගික අපරාධ පිළිබඳ 117ක්ද ළමා ශ්‍රමිකත්වයට අදාළව 102ක්ද ලෙස පැමිණිලි ඉදිරිපත් වී ඇතැයි එම අධිකාරිය පෙන්වා දෙයි.
අධිකාරිය පවසන පරිදි ළමයින් හොර ජාවාරම් කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 45ක් සහ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිලි 36ක්ද ලැබී ඇති බවයි. මෙසේ 1929 යන ළමා අපරාධ පැමිණිලි හදිසි ඇමැතුම් අංකයට ලද පැමිණිලි අනුව ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් 569ක්ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 420ක්ද කුරුණෑගලින් 28ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 259ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 214ක් ආකාරයට පැමිණිලි ලැබී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon