හංවැල්ලේ ‘ග්‍රීස් යකා’ නිසා තරුණයෙක් මියයයි

  👤  3353 readers have read this article !
By mawbima 2017-07-18

චාමර අමරසූරිය

හංවැල්ල සහ නවගමුව යන පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක උද්ගත වී ඇති ග්‍රීස් යකකුගේ බියක් නිසා එම ග්‍රීස් යකා ඇල්ලීමට ගිය 27 හැවිරිදි තරුණයකු ඊයේ (17දා) අලුයම ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හංවැල්ල පොලිස් වසමේ බටවල ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් ප්‍රියංකර නමැත්තකු බව 'පොලිසිය' පවසයි.
සති තුනක පමණ කාලයක සිට පනාගොඩ, වැලිපිල්ලෑව, ජල්තර, ලෙනගල යන ප්‍රදේශවල ග්‍රීස් යකුන් දෙදෙනකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇති නිසා එම ප්‍රදේශවාසීන් මහත් බියෙන් කාලය ගත කරන බවද වාර්තා වේ. ප්‍රදේශයේ ආරක්ෂාවට නවගමුව සහ හංවැල්ල යන පොලිස් ස්ථානවල ජංගම පොලිස් රථ සංචාරයේ යොදවා ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය.

ග්‍රීස් යකකු පෙරේදා (16දා) රාත්‍රියේදී එම ප්‍රදේශයේ සැරිසරන නිසා ඔහුව අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර එම අවස්ථාවේදී මෙම තරුණයා ජල ව්‍යාපෘතියක තිබූ ළිඳකට වැටී තිබේ.

මෙම තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කර ඥාතීන්ට මළ සිරුර භාරදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්